Terms and Conditions

Please read carefully before booking a vehicle with us.

අදාල කොන්දේසි

  1. වාහනය තමන්ගේ පෞද්ගලික පරිහරනය සදහා හැර වෙනත් කිසිදු ආකාරයක පැවරීමක් හෝ අන්සතු කිරීමක් නොකල යුතුය.
  2. හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක පැයක් ගතවීමට මත්තෙන් ගැනුම්කරු විසින් ඉහත සදහන් දීමනාකරුට දැනුම්දීම හෝ ලගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට කටයුතු කල යුතු වන අතර එසේ කිරීමට අප‌ොහොසත් උවහොත් තමාගේ පුද්ගලික වියදමින් රථය අලුත්වැඩියා කිරීමට එකග වේ.
  3. හදිසි අනතුරට පත් වාහනයේ අලාභානිය ගැනුම්කරු විසින් සිදුකරනු ලබන අතපසුවීමක් හේතුවෙන් රක්ෂණ වන්දි ගෙවීම අදාල රක්ෂණ සමාගම විසින් ප්‍රතික්ශේප කරනු ලබන අවස්ථාවන්හිදී අලුත්වැඩියා කටයුතු කිරීමේ වියදම ගැනුම්කරු විසින් දැරිය යුතුය.
  4. එසේ අලුත්වැඩියා කටයුතු සදහා රථය ගරාජයකට ඇතුලත් කිරීමට සිදුවන අවස්ථා වලදී රථය ගරාජයේ නවතා ඇති කාලසීමාව සදහා අදාලවන දෛනික/මාසික ගාස්තුව මෙම ආයතනයට ගෙවීමට බදු ගැනුම්කරු එකග වේ.
  5. රථය සදහා පූර්ණ රක්ෂණාවරණයක් ඇතත් රුපියල් 20,000 අඩු අලුත්වැඩියා කටයුතු සදහා රක්ෂණ සමාගම මගින් රක්ෂණ මුදල් ලබාගැනීමක් සිදු නොවන බැවින් එවැනි අවස්ථාවලදී ගැනුම්කරු විසින් අලුත්වැඩියාව සදහා වැයවන මුදල දැරිය යුතුවේ. රුපියල් 20,000 වැඩි අලුත්වැඩියා සදහා රක්ෂණ සමාගම මගින් වන්දි ලබාගැනීමට කටයුතු කරන අතර ඒ සදහා අවශ්‍යවන පොලිස් වාර්ථා සහ අනෙකුත් ලියකියවිලි ලබාදීම‌ට ගැනුම්කරු බැදී සිටියි.
  1. නීතිවිර‌ෝධී කටයුතු සදහා වාහනය යොදාගැනීම සපුරා තහනම් වේ. යම් නීතිවිරෝධී කටයුත්තක් සදහා රථය යොදවාගෙන තිබුනු අවස්ථාවකදී පොලිසිය/උසාවිය හෝ වෙනත් ආයතනයක් බාරයට රථය පත් උවහොත්, එවැනි අවස්ථාවකදී එම දින ගනනට අදාලව දෛනික/මාසික ගාස්තු ගෙවිය යුතුය.
  2. බීමත්ව රියපැදවීම නොකල යුතුය. එවැනි අවස්තාවකදී සිදුවන සියලු හානි පිලිබද වගකීම හා හානිපූරණය වාහනය බාරගත් තැනැත්තා විසින් දැරිය යුතුය.
  3. රථයට තමාගේ නොසැලකිල්ලෙන් සිදුවන වෙනත් හානි(රිය අනතුරු නොවන) සදහා හානිපූර්ණයක් වශයෙන් සිදුවන එකී අලාභය සදහා තැන්පතු මුදලින් සාදාරණ මුදලක් අයකර ගැනීම‌ට ආයතනයට ඇති අයිතිය පිලිගත යුතුය.
  4. වාහනෙයේ සීල් තබා ඇති සැතපුම්මානයේ/Odometer කේබලයට කිසිදු ආකාරයේ හානි කිරීමක් හෝ වෙනස් කිරීමක් නොකල යුතුය.
  5. වාහනය කුලියට ලබාගත් කාලසීමාව අවසානයේ වාහනය ලබා ගන්නා දින තිබූ තත්වයෙන් කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත අප ආයතනය වෙත භාරදිය යුතුය.
  6. නියමිත වෙලාවට භාරදීමට අප‌ොහොසත් උවහ‌ොත් ප්‍රමාදවන පැයකට රුපියල් 200 මුදලක් ගෙවිය යුතුය.
  7. දිනකට නියමිත දුර වන කිලෝ මීටර් 150 ට වඩා රථය පදවා ඇති විට වැඩි වන සෑම කිලෝ මීටරයකටම රුපියල් ………. බැගින් ගෙවිය යුතුය.
  8. වාහනයක් වෙන්කර ගැනීම සදහා ගෙවන අත්තිකාරම් මුදල් ඉහත සදහන් දෙවන පාර්ශවය විසින් කරනු ලබන වෙනස් කිරීමකදී හෝ අතපසුවීමකදී ආපසු ගෙවනු නොලැ‌බේ.

වාහනයේ භුක්තිය භාරගැනීමෙන් පසුව ආයතනයේ කලමණාකාරීත්වයේ මැදිහත් වීමකින් තොරව සිදුවන කුමණ ආකාරයේ අධිකරණ කාර්යයකදී හෝ නීතිමය කටයුත්තකදී ඒ සදහා වැයවන සියලුම මුදල් වාහනය ලබාගත් අය විසින් දැරිය යුතුය.